27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමරිසි අයිතිය ඉල්ලූ දෙදෙනකු ඝාතනය කළ බංග්ලාදේශයේ 5කට මරණ දඬුවම

සමරිසි අයිතිය ඉල්ලූ දෙදෙනකු ඝාතනය කළ බංග්ලාදේශයේ 5කට මරණ දඬුවම

මීට වසර පහකට පෙර සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණයක නිරතවූ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට හසුවී සිටි එක්තරා ඉස්ලාම් ආයුධ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයන් 6 දෙනකුට මරණ දඬුවම පැනවීමට බංග්ලාදේශ අධිකරණයක් පියවර ගෙන තිබේ.

ඉස්ලාම් ආයුධ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් විසින් මෙසේ ඝාතනය කරනු ලැබුවේ බංග්ලාදේශයේ සමලිංගිකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන පළමු සඟරාවේ කර්තෘ වන 35 හැවිරිදි ෂුල්හාස් මනන් සහ නළුවකු වූ 25 හැවිරිදි මහබූබ් රාබීය. 2016 වසරේදී බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මනන්ගේ නිවසේදී ඝාතනය කරනු ලැබූ අන්සාර් අල් ඉස්ලාම් නමැති එම ඉස්ලාම් ආයුධ සන්නද්ධ කණ්ඩායම අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ කණ්ඩායමක් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.