27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපේ තිදෙනාටම ඊයේ වාසි නෑ

අපේ තිදෙනාටම ඊයේ වාසි නෑ

ටෝකියෝ පැරාලිම්පික්:

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ ඊයේ දිනයේ සහභාගී වූ ඉසව් තුනකින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාසිදායක තත්ත්වයක් උදා නොවිණි. වර්ෂා තත්ත්වය මැද පිරිමි මී. 400 T47 කාණ්ඩයේ මූලික තරගයට එක් වූ සමන් සුබසිංහ තත්පර 51.08ක කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානයට පත් වූ හෙයින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. එම මූලික තරගයේ පළමු ස්ථානයට බ්‍රසීලයේ තෝමස් රුආන් පැමිණියේ තත්පර 49. 95ක් වාර්තා කරමිනි. කාන්තා දුර පැනීමේ T47 කාණ්ඩයේ තරගයේදී කුමුදු ප්‍රියංකා මිටර් 4.92කින් 9 වැනි ස්ථානයට පත් වූ අතර, එහිදී ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළාය. මෙතෙක් ඇයගේ හොඳම දක්ෂතාව වූයේ මීටර් 4.51ක 2019 ඩුබායි ලෝක පැරා ශූරතාවලියේදීය. දුනු විදීමේ විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගයේදී ලකුණු 589ක් ලබා 23 වැනි ස්ථානයට පත් වූ හෙයින් ඊයේ දිනයේ ඉන්දියාවේ චිකාරා විවේක් සමඟ තරග කිරීමට සිදු වූ සම්පත් බණ්ඩාර 6-2ක් ලෙස පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවතට ගියේය. ඉන්දියාවේ ක්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ තරගයේදී ලකුණු 609ක් ලබා 10 වැනි ස්ථානයට පත්ව සිටියේය.