27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටමීම් ලෝක කුසලාන සටනට බෑ කියයි

ටමීම් ලෝක කුසලාන සටනට බෑ කියයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන ටමීම් ඉක්බාල් ලබන මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි. බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ පසුගිය විස්සයි20 තරගාවලි කිහිපයේදී තම කණ්ඩායම නියෝජනය නොකිරීම හේතුවෙන් මේ තීරණය ගත් බව ඔහු පවසයි.

තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් එම තරගාවලිවලදී ආදේශ කර ඇති බවත්, දැන් යළි තමා කණ්ඩායමට එක් වුව හොත් එය ඔවුන්ට සිදු කරන අසාධාරණයක් බවත් පවසන ටමීම් ඒ නිසා තමා යළි කණ්ඩායමට පැමිණීම සුදුසු නොවන බව කියයි.

විස්සයි20 තරග 78කදී ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟ ලකුණු 1758ක් රැස් කර ඇති ටමීම් අවසන් වරට පසුගිය වසරේ මාර්තු මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අන්තර්ජාතික විස්සයි20 තරගයකට එක් විය. බංග්ලාදේශ කණ්ඩායම ඉන් පසු නවසීලන්තය, සිම්බාබ්වේ සහ ඔස්ට්‍රේලියාව සමඟ තරග කළ අතර, මේ දිනවල නවසීලන්තයට එරෙහිව තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියකට ක්‍රීඩා කරමින් සිටී. කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වුව ද තමා අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණයක් ගෙන නැති බව ද ටමීම් අවධාරණය කරයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 17 දා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වීමට නියමිතය.