ඇමැති නාමල් රාජපක්ෂ
වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව සඳහා එන්නත්කරණය වැඩසටහන සාර්ථකව ආරම්භ කිරීමට හැකි වූ බව තරුණ, ක්‍රීඩා කටයුතු හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 3ක් කේන්ද්‍ර කැර ගනිමින් ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කරමින් පෙරේදා (2) ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
“ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමැතිවරයාගේ මඟපෙන්වීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ මත වයස අවුරුදු 30ට වැඩි ජනතාව වෙනුවෙන් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අංශ, කොවිඩ් කාර්ය සාධන බලකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා සිටින වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදු කරනවා.
ඉදිරි කාලයේදී රට විවෘත කළ පසු ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑම හා ජාතික ආර්ථිකයට ශක්තියක් වන තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව මූලික කර ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමැතිවරයාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙරට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්තත්කරණය කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් හා අගමැතිවරයාත් සෞඛ්‍ය ඇමැතිවරයාත්, කොව්ඩ් කමිටුවත් අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිසට එන්නත්කරණය කළ යුතුයි යන තීන්දුව අරගෙන තිබෙනවා.ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරාම එය ක්‍රියාත්මක වෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, අම්බලන්තොට, රන්න යන මධ්‍යස්ථාන 3කදී එම එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳ තරුණයන් තුළ විශාල උද්යෝගයක් තිබෙන බව අපි දකිනවා. ග්‍රාමීය කමිටු, යෞවන කමිටු, යෞවන සමාජ ව්‍යාපාර හා තරුණ සේවා සභාව හරහා තරුණ තරුණියන් දැනුම්වත් කළා.”
නුවන් කොඩිකාර