බොදුබල සේනා සංවිධානයේ නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
ආගමික මූලධර්මයකින් ගොඩනැඟෙන ත්‍රස්තවාදය සඳහා මෙහෙයවීමක් අවශ්‍ය නොවන බව පසුගියදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී පිහියක් යොදා ගනිමින් සිදු වූ ප්‍රහාරයෙන් පෙනී යන බව බොදුබල සේනා සංවිධානයේ නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.
උන් වහන්සේ එසේ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකික ඉස්ලාමීය ත්‍රස්තවාදියකු විසින් පසුගිය දින නවසීලන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් පිහියක් භාවිත කරමින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.
එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
“ඉස්ලාම් ආගමේ නාමයෙන් එල්ල කළ එම ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා. වසර ගණනාවක් පුරා අන්තවාදය පිළිබඳව බොදුබල සේනා සංවිධානය පෙන්වා දුන්නා. එය තවදුරටත් යථාර්ථයක් බවට පත්ව තිබෙනවා.
2019 අප්‍රේල් මස 21 වැනි දින මෙරට කතෝලික දේවස්ථාව ඉලක්ක කරගෙන එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පාඩමක් ජාතියක් ලෙස ඉගෙන ගත්තා ද යන ප්‍රශ්නය මේ වන විට මතුව තිබෙනවා. ආගමික ඉගැන්වීමකින් ඔළුව අවුල් කර ගන්නා ලබ්ධිකයකුට ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදියකු වී හුදෙකලා ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව තිබෙනවා. එවැනි වහබ්වාදී ප්‍රහාර සිය ගණනක් ලොව පුරා එල්ල වී තිබෙනවා.
ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට ගත් පසු පසුගිය කාලයේ දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධාන දැඩි ලෙසමෙරට රජයට බලපෑම් කරන ආකාරයක් දක්නට ලැබුණා. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමේදී කිසිදු බලපෑමකට හසු නොවී ආරක්ෂක අංශ විසින් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය මතම පමණක් කටයුතු කිරීමට ප්‍රවේශම් වන්න.
ආගමේ නාමයෙන් සහරාන් ඇතුළු කල්ලිය මෙරටදී එල්ල කළ පාස්කු දා ප්‍රහාරය දේශපාලනීකරණය කර එහෙට මෙහෙට දෝලනය කිරීමෙන් සිදුවන්නේ රට තවදුරටත් අනතුරේ හෙළීමක්. අන්තවාදී මතවාද සහිත සංවිධාන, එවැනි රාජ්‍ය නොවන ආයතන, එවැනි සුබසාධන ආයතන, එවැනි අධ්‍යාපනික ආයතන තහනම් කරමින් අන්තවාදී නව සංවිධාන ක්‍රියාත්මක වීම නැවැත්විය යුතුයි. අන්තවාදී මතවාද සහිත මුද්‍රිත ප්‍රකාශන, ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රකාශන, මෙරටට ගෙන ඒම නිෂ්පාදනය කිරීම මුද්‍රණය කිරීම සහ අන්තවාදී මතවාද අන්තර්ජාලය හරහා පරිශීලනය කිරීම තහනම් කළ යුතුයි.”
උපාලි කරුණාරත්න