27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැවැති යහපාලන ආණ්ඩුව එදා කිසිම අර්බුදයක් නැතිවත් සල්ලි අච්චු ගැහුවා

පැවැති යහපාලන ආණ්ඩුව එදා කිසිම අර්බුදයක් නැතිවත් සල්ලි අච්චු ගැහුවා

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

මුදල් අච්චු ගැසීම ගැන ආණ්ඩුවට දොස් පවරන 2015 හිටපු ආණ්ඩුවේ කොටස්කාරයන් එදා කිසිම අර්බුදයක් නොමැති කාලයේ විශාල වශයෙන් මුදල් අච්චු ගැසූ බවත් මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීම සත්‍යයක් වුවත් එය අර්බුදය ජයගැනීමේ කෙටි කාලීන උපක්‍රමයක් පමණක් බවත් බොහෝ රටවල් මේ පියවර ගන්නා බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

 ඒ මහතා එසේ පැවැසුවේ කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සංවාදයක දී ය.

එහිදී වැඩිදුරටත් කථා කළ ඒ මහතා, ණය ගන්නවා වෙනුවට ආයෝජන දිරිගැන්වීමයි අපේ ප්‍රතිපත්තිය. 2015 අපි රජය භාරදෙන විට ඩොලරය පැවැතියේ රුපියල් 131.00ට, 2019 දී නැවත අපි රට භාර ගනිද්දී ඩොලරය රුපියල් 192.00යි. බලය ගිලිහුණාට පස්සේ මේ රටේ පැවැති ආයෝජන ව්‍යාපෘති කඩාකප්පල් කරන්න ඔවුන් විශාල පරිශ්‍රමයක් ගත්තා. අපට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ඔවුන් ආයෝජකයන්ට පැවැසුවා. හෙට ණය ගෙවන්න තියෙද්දී අද ගිහින් කිව්වා අපට ණය ගෙවන්න හැකියාවක් නැහැ කියලා. ආයෝජකයන්ට එන්න එපා කිව්වා. ආයෝජන ආපසු ඇදගන්න කිව්වා.

අපගේ එන්නත් ඉලක්ක සපුරාගත් පසුව රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වන බව මට හොඳටම විශ්වාසයි. ඉන්පසු මේ වසරේ අවසාන කාර්තුවේ දී ආර්ථිකය වර්ධනයක් කරා මෙහෙය විය හැකියි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන එන ඉදිරි අය-වැය මෙරට ඉතිහාසයේ ඉතාම විශිෂ්ට අය වැයක් වනු ඇති. කොවිඩ් ප්‍රශ්නය නිසා වැටී ඇති රට ගොඩගැනීමට එයින් ලැබෙන පිටුවහල ඉතාම වැදගත් වෙනවා. අපේ සතුරන් උත්සාහ දරන්නේ මේ කටයුතුවලට බාධා කරන්නයි.

බුද්ධි කරුණාරත්න