28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසීනි බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණේ නෑ

සීනි බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණේ නෑ

සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

සීනි බද්ද අඩු කිරීමේ වාසිය ජනතාව අතරට නොගිය බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

සිය ආණ්ඩුවෙන් රුපියල් 95ට දුන් සීනි අද රුපියල් 225ට වැඩි වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා හදිසි නීතිය බලාත්මක කොට බඩු මිල පාලනය කළ නොහැකි බවත් පැවසීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව බලන්නේ නීතිය ක්‍රියාත්මක නොකර බඩුටික විකුණලා ව්‍යාපාරිකයන්ට මුදල් කර ගැනීමට‍ අවස්ථාව ලබාදීමයි. සමඟි ජන බලවේගයේ තරුණ කණ්ඩායම මීට එරෙහිව අධිකරණයට ගියා. අද සහල් ගැන කතා කරනවා. බඩුමිල අහස උසට නැඟලා. මහපාරේ මහදවල් මංකොල්ල කෑමක් මේ ආණ්ඩුව කරන්න හදන්නේ. වරායේ තිබුණු සීනිවලත් ප්‍රමාද ගාස්තු නිදහස් කර තිබෙනවා. මේ ගැසට් එක ආ‍ණ්ඩුව දාන්නේ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීම සඳහා.

කොවිඩ්වලින් පසුව එන විරෝධතා රැල්ල පාලනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි ගෙන එනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කරන්නට මේ රටේ සිවිල් පරිපාලන නිලධාරින් නැද්ද. විශ්‍රාම ගිය හමුදා නිලධාරින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට‍ නියෝග කරනවා. සාධාරණ ද. ආණ්ඩුව හදිසි නීතිය ගෙන එන්නේ ආහාර මිල පාලනය කිරීමට‍වත්, පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමටවත් නෙවෙයි, ආණ්ඩුවට එරෙහි විරෝධතා රැල්ල පාලනය කිරීම වෙනුවෙන්.

ස්වර්ණා විජේකෝන් සහ සමන්මලී ප්‍රියශාන්ති