27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව එක්ක ගනුදෙනුවට එජාපයෙන් ඇප් එකක්

ජනතාව එක්ක ගනුදෙනුවට එජාපයෙන් ඇප් එකක්

Author(s): 
ශිරෝමි අබයසිංහ

ජනතාව සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම සඳහා නවතම යෙදවුමක් (app) නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත ඊයේ (7) පැවසුවේ කොවිඩ් වසංගතය සමඟ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් මෙය නිර්මාණය කරන බවයි. පසුගිය මාස කිහිපය තුළ රටේ සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලනය ආයතනවල නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සූම් තාක්ෂණය ඔස්සේ කළ බවත්, ඉදිරියේදී දේශපාලනයත් සන්නිවේදනය මත රඳා පවතින බවත් හෙතෙම කීවේය.