සභාපති වජිර අබේවර්ධන
සියලු ජාතින්ගේ එකමුතුවෙන් 1946 සැප්තැම්බර් මස 6 වැනිදා පිහිවූ එක්සත් ජාතික පක්ෂයට 75 වසරක් සම්පූර්ණ වන මොහොතේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය ඔන්ලයින් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරමින් වැටුණු රට යළි ගොඩනැගීමේ අනාගත වැඩපිළිවෙළට මුල පුරා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
වත්මන් පාලනයේ නොහැකියාව හා අකාර්යක්ෂමතාව නිසා මේ වන විට රට මුළුමනින්ම විනාශයට තල්ලු වී ජන ජීවිත දැඩි අවදානමට පත්ව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් හා දිස්ත්‍රික් ක්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමේදී මේ බව පැවසූ වජිර අබේවර්ධන මහතා තව දුරටත් මෙසේද කීය.
“එක්සත් ජාතික පක්ෂයට දැන් වසර 75ක් සම්පූර්ණ වී තිබෙනවා. එය අභිමානවත් ලෙස සැමරීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකාවේ නිදහස සහ අපේ පක්ෂයේ ඉතිහාසය දෙස බලන විට අපට දකුණේ විශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කය සමඟ සම්බන්ධයක් පවතින බව කිව යුතුයි.
මේ වන විට එජාපයට අවුරුදු 75ක් ගතව තිබෙනවා. තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පියා වන එස්මන් වික්‍රමසිංහ මැතිතුමා ඩී.එස්.සේනානායක මැතිතුමාගේ ගමන් මගේ ළඟින්ම සිටි ප්‍රධානියෙක්. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දක්වා සිටි සෑම අගමැතිවරයකුගේම සුවිශේෂී ගුරු උපදේශක වරයකු ලෙස එතුමා කටයුතු කළා.
මේ රටට සුවිශේෂී සේවයක් කළ එස්මන් වික්‍රමසිංහ මැතිතුමාගේ පුත්‍රයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයට 75 වසරක් සපිරෙන මේ මොහොතේ පක්ෂයට නායකත්වය දෙනවා. එතුමට ගාල්ල දිස්ත්‍රික්කය සමඟ සුවිශේෂී සම්බන්ධතාවක් තිබනෙවා. එතුමාගේ සීයා බද්දේගම ප්‍රදේශයට තිබුණු සම්බන්ධතා සමඟ එදා කන්නන්ගර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කරන විට එතුමාට සම්පූර්ණ සහයෝගය දුන්නා.
එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ බෞද්ධ නායකයන්. එජාපය දේශපාලන පක්ෂයක් ලෙස රටට සුවිශේෂ මෙහෙවරක් සිදු කර තිබෙනවා.”
ශිරෝමි අබයසිංහ