27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - ද. අප්‍රිකා තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කැමරා ඇස...

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කැමරා ඇස…

ඉදිරි ගමන පැහැදිලියි දසුන් ශානක කියයි

කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පිලේ සියලු ක්‍රීඩකයන්ට සිය වගකීම් පිළිබඳ විශාල අවබෝධයක් ඇති බැවින් ශ්‍රී ලංකා පිලට දිගු ගමනක් යා හැකි බව නායක දසුන් ශානක ප්‍රකාශ කළේය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ නායකයා මේ අදහස් පළ කළේය.

“හැම ක්‍රීඩකයාටම අවබෝධයක් තිබෙනවා මොනවද කරන්න ඕනෑ කියලා. ඒ වගේම කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ තත්ත්වයක තිබෙනවා. ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ කියලා නෑ. මම හැම හැමෝගෙම අදහස් ගන්නවා; ඒ වගේම මම දන්න දේත් බෙදා හදා ගන්නවා. කණ්ඩායමේ වටපිටාව තමයි වැදගත්. දක්ෂයෙක් නම් පාසලකින් හරි ගෙනල්ලා ක්‍රීඩා කරවන්න ඕනෑ’’ දසුන් ශානක කීවේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට මංපෙත් විවර කරමින්, දකුණු අප්‍රිකානුවන් මෙල්ල කළ 21 හැවිරිදි පිටදඟ පන්දු යවන්නා මහීෂ තීක්ෂණ සිය මංගල අන්තර්ජාතික තරගයේ යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් අතර, තරගය පුරා කඩුලු 4ක් දවා ලමින් වාර්තාපොත අලුත් කළේය. එය වාර්තා පොතට එක් වූයේ සිය මංගල අන්තර්ජාතික පන්දුවෙන් කඩුල්ලක් දවා ගත් සිව්වැනි ශ්‍රී ලාංකිකයා ලෙසත්, මංගල තරගයේදී කඩුලු 4ක් දවා ලූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත්ය.

“අපි මහීෂ්ව ගෙනාවේ විස්සයි20 තරගවලටයි. ඒත් තණතීරුව දඟ කැවෙන විදිහට මහීෂ්ව මේ තරගයට ක්‍රීඩා කරවන්න මම අවදානමක් ගත්තා. ඒකට මට තේරීම් කමිටුව, පුහුණු කාර්ය මණ්ඩලය ලොකු සහායක් දුන්නා. දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට මහීෂ් ගැන හරි අවබෝධයක් තිබුණේ නෑ. එයාගේ පන්දු අවබෝධ කරගන්න ලේසි නෑ. විවිධාකාරයේ පන්දු ඔහු සතුව තිබෙනවා.’’ දසුන් ශානක එසේ කීවේය.

“අපි සෙල්ලම් කළේ අඩකට වඩා අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පිරිසක් එක්ක. එක්දින තරග 50කට වඩා සෙල්ලම් කර තිබුණේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා විතරයි. අපේ කණ්ඩායම අත්දැකීම් එකතු කර ගෙන ඉදිරියට යද්දී ඉදිරි වසර කිහිපය ඇතුළත ශක්තිමත් කණ්ඩායමක් බවට පත් වන බව මට විශ්වාසයි,’’ ඔහු කියා සිටියේය. අවසන් එක්දින තරගයෙන් ලකුණු 78ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරගාවලිය ජය ගත්තේ තරග 2-1ක් ලෙසිනි. එය වාර්තා පොතට එක් වූයේ වසර අටකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසිනි.

එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි20 කණ්ඩායමේ ද නායකත්වය දරන දසුන් ශානක මේ වන විට එක්දින තරග 6කදී කණ්ඩායම මෙහෙයවා ඇති අතර, එහිදී ශ්‍රී ලංකා පිල තරග 3ක් ජය ගෙන තරග 3ක් පරාජයට පත් වී ඇත. විස්සයි20 තරග 6කට නායකත්වය දුන් දසුන් එහිදී තරග 5ක් ජයගැනීමට සමත් වී ඇති අතර, පරාජයට පත් වූයේ එක් තරගයකදී පමණි.

ෆවුස් මොහොමඩ්