සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1කින් ජය ගැනීමත් සමඟ අයිසීසී ලෝක කුසලාන සුපර් ලීගයේ ස්ථාන 4ක් ඉහළට ඒමට ශ්‍රී ලංකා පිලට හැකි විය. ඒ අනුව ශ්‍රී ලංකාවට නවතම ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.
මේ තරගාවලිය ආරම්භ වීමට පෙර 11 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 14කින් ජය ගැනීමත් සමඟ 8 වැනි ස්ථානය දක්වා ඉහළට ගියේ දකුණු අප්‍රිකාව 9 වැනි තැනට දමමිනි. එහෙත් දෙවැනි තරගය පරාජය වීම හේතුවෙන් යළිත් දකුණු අප්‍රිකාව 8 වැනි තැන ගත් අතර, ශ්‍රී ලංකාව 9ට වැටිණි.
අවසන් තරගයේ ජයත් සමඟ ජයග්‍රහණ 4ක් සමඟින් ශ්‍රී ලංකා පිල 5 වැනි තැන ගත්තේ ප්‍රසාද ලකුණු 42ක් ලබමිනි. ශ්‍රී ලංකාව මින් පෙර ඉන්දියාවට සහ බංග්ලාදේශයට එරෙහිව තරගය බැගින් ජය ගෙන තිබිණි.
තරග 15ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල තරග 10ක් පරාජය වී ඇති අතර, තරගයක් විසඳුමකින් තොරව නිමා විය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇත්තේ ලකුණු 95ක් සමඟිනි. බංග්ලාදේශය (ලකුණු 80), ඔස්ට්‍රේලියාව (ලකුණු 60) සහ ඉන්දියාව (ලකුණු 49) ශ්‍රී ලංකාවට ඉහළින් රැඳී සිටී. දකුණු අප්‍රිකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 34කි.
නිරෝෂාන් ප්‍රියංකර


