28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කළ යුතු කාලයක්

අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කළ යුතු කාලයක්

අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම සඳහා අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කළ යුතු යැයි ජාතික ඔලිම්පික් කමිවුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි. ක්‍රීඩකයින් අන්තර්ජාතික මට්ටම දක්වා ඔසවා තැබීමට නම් ඔවුන්ට හොද පුහුණුවක් මෙන්ම ආත්ම විශ්වාසයක් ද දිය යුතු අතර කැප වීම, නොසැලෙන අධිෂ්ඨානය සහ තම සිහිනය අත් නොහැරීමෙන් තමා අපේක්ෂා කරන ජයග්‍රහණය කරා ඔවුන්ට ළඟා විය හැකි බව මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

අන්තර්ජාතික මට්ටමේ තරග ඉසව්වක් සඳහා මුහුණ දෙන මලල ක්‍රීඩකයකු ද වසර ගණනාවක් තිස්සේ පියවරෙන් පියවර දැඩි කැප වීමකින් යුතුව පුහුණු වීම් කටයුතු සිදු කළ යුතු බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති මැක්ස්වෙල් ද සිල්වා මහතා සඳහන් කළේය. මේ ජයග්‍රහණ කරා පිය මැනීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු හැකියාවන් පමණක්ම නොව, ජාතික ඔලිම්පික් කමිටුවේ සිට ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික අංශයේ ද සාමූහික දායකත්වයක් තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ග්‍රාමීයව වෙසන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියට හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක වූ ක්‍රිස්බ්‍රො නෙක්ස්ට් චෑම්ප් වැඩසටහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොමැකෙන සන්ධිස්ථානයක් සටහන් කර ඇති බව පවසන මැක්ස්වෙල් ද සිල්වා මහතා එමඟින් යොවුන් ක්‍රීඩකයන් හඳුන්වා දීමට අමතරව ඔවුන් අතුරින් අනාගත අන්තර්ජාතික ජයග්‍රහණ හිමි කර ගැනීම සඳහා විශාල අවස්ථාවක් උදා වී ඇතැයි පැවසීය.

ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහනින් දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකු හඳුන්වා දෙමින් ඔවුන්ගේ පෝෂණය ඇතුළු සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහන පෞද්ගලික ආයතනයක් මෙරට ක්‍රීඩාවේ දිගු කාලීන උන්නතිය වෙනුවෙන් කැප වූ අවස්ථාවකට ස්වර්ණමය නිදසුනක් බව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා පැවසීය.

“ක්‍රිස්බ්‍රො නෙක්ස්ට් චෑම්ප් වැඩසටහන හරහා වෙනත් කිසිවෙකු නොපැමිණි අවස්ථාවක තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහ දැක්වීමට ඉදිරියට පැමිණීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පුද්ගලික අංශයට කළ හැකි දේ අපමණ බව පෙන්වූ ප්‍රශස්ත අවස්ථාවක්. ක්‍රිස්බ්‍රො නෙක්ස්ට් චෑම්ප් වැඩසටහන ක්‍රීඩා ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සටහන් කරනවා.”

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පිරිමි හෙල්ල විසි කිරීමෙන් ජයග්‍රහණය කළ ඉන්දීය රන් පදක්කම් ලාභී නීරාජ් චොප්රාගේ කැප වීම පිළිබඳ සිහිපත් කරමින් සිල්වා මහතා කියා සිටියේ වසර 3ක් ඇතුළත ඉන්දියාව අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකු බිහි කළේ ඒ ක්‍රීඩකයාගේ කැප වීම, පුහුණුව මෙන්ම අනුග්‍රාහකත්වයේ ඇති ශක්තිය මත බවයි.

“අපට ඒ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවශ්‍යයි, අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අමතර කැපකිරීමක් සිදු කිරීමට කැමති මෙන්ම උනන්දුවක් ඇති පුද්ගලයින් ක්‍රීඩාවට සම්පතක්” සිල්වා මහතා පැවසීය.