27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබන්ධනාගාරවලට බීමතින් ගියෙත් නෑ සිරකරුවන්ට තර්ජනය කළෙත් නෑ

බන්ධනාගාරවලට බීමතින් ගියෙත් නෑ සිරකරුවන්ට තර්ජනය කළෙත් නෑ

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට තමන් ගිය බව සත්‍ය වුවත් ඒ තුළට කාන්තාවක් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියයි.

විෂය භාරව සිටි රාජ්‍ය ඇමැතිවරයා ලෙස බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා තමන් එහි ගියද පිසතෝලයක් තබා තම ජංගම දුරකතනයවත් රැගෙන නොගිය බවද පවසන රත්වත්තේ මහතා අවධාරණය කරන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට පිස්තෝල තබා තර්ජනය කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස පරික්ෂා කිරීමට ගිය නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමඟ නොගිය බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ රූ රැජනකගේ නමක් ඒ හා ප්‍රචාරය වුවද එවැනි කෙනකු තමන් හඳුනන්නේද නැති බවයි.

‘විෂයභාර අමාත්‍යවරයා ලෙස මට රට පුරා ඇති බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් භාර දී තිබුණා. ඕනෑම වෙලාවක එහි යාමට මට හැකියි. මට ජනාධිපතිතුමන් බාර දුන්නේ ගිනිගත් බන්ධනාගාරයක්. ගිනිදැල් නිවලා එහි කටයුතු වෙනස් කරලා සාර්ථක බන්ධනාගාර පද්ධතියක් මම බිහි කළා. බන්ධනාගාර නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියා ජාවාරම් මම නැවැත්වූවා. ඇතැම් අයගේ වැඩ තහනම් කළා. මේ නිසා මම හිතන්නේ මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා.

මම බන්ධනාගාරයකට ගියාම මුලින්ම යන්නේ කුස්සියට, ඒ සිරකරුවන්ට නිසි ලෙස කැම බීම ලැබෙනවද බලන්න. සිරකරුවන් ගැන මම නිරතුරුව සොයා බලනවා. මම අනුරාධපුර බන්ධනාගාරයේදී එම සිරකරුවන් සමඟ කතා කළ බව සත්‍යයක්. නමුත් ඔළුවට පිස්තෝල තිබ්බේ නැහැ. ජිනීවා සමුළුව පවතින වෙලාවේ දෙමළ ඩයස්පෝරාව මෙය මට එල්ල කරපු ප්‍රහාරයක්. මේ ප්‍රචාර කවුරුන් සිදු කරනවාද මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ප්‍රචාර නිසා රජය අපහසුතාවට පත් කරන්න මට අවශ්‍ය නැහැ. මේ නිසා මම ඉල්ලා අස්වුණා. රටට විනිමය ගෙනෙන විශාලම ක්ෂේත්‍රයක් වන මැණික් සහ ස්වර්ණාභාරණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මම රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යනවා’යැයිද රත්වත්තේ මහතා පවසයි.