27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsස්ථිර ප්‍රතිපත්තියකින් රටක් දියුණු කළ හැකි බව එදා හිටපු ජනපති ජේ.ආර්. පෙන්වා...

ස්ථිර ප්‍රතිපත්තියකින් රටක් දියුණු කළ හැකි බව එදා හිටපු ජනපති ජේ.ආර්. පෙන්වා දුන්නා

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තියක් අවුරුදු 20ක් 25ක් ගෙන ගියොත් දියුණු රටක් බිහි කළ හැකි බව 1977දී විවෘත ආර්ථිකය බිහි කිරීමේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළ බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ් මහතා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දිනය වෙනු‌වෙන් සූම් තාක්ෂණය ඔස්සේ පෙරේදා (17) පැවැත්වූ සැමරුම අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර ඇති ඔන්ලයින් සමුළු 75 වැඩසටහනේ ආරම්භක සමුළුව ද මෙය විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේ ද කීය.

“ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වී සිටින අපට ගත හැකි හොඳම උදාහරණය මේ රට නවීකරණයේ නියමුවා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වැඩපිළිවෙළයි. ආගාධයට වැටී තිබු රට 1977දී ඔහු නවීකරණය කිරීමට වෙහෙසුණා. රට නැවතිලා තිබුණා. දින දෙකක් බත් කන්න තහනම් කර තිබුණා. බලයට පැමිණ මාස හයක් යෑමට පෙර ඒ මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීමට මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. ගොවිතැනෙන් ලැබුණු අස්වැන්න නිසා 2003දී අපට සහල්වලින් ස්වයංපෝෂණය වීමට හැකි වුණා. මහවැලි ව්‍යාපාරයෙන් විදුලි බල නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි කර විදුලි බලය නොතිබූ ප්‍රදේශ රාශියකට විදුලිය දුන්නා.

එයින් අපනයන කර්මාන්ත ඇති කිරීමට හැකි වුණා. ගම්මානවලට විදුලිය ලැබුණා. විදුලිය දීම සම්බන්ධයෙන් ලෙනින් ගත් පියවර ඒ මහතාත් අනුගමනය කළා. අපනයන කර්මාන්තය සඳහා වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කළා. අපේ අපනයන කලාප සහ සිංගප්පූරුව දෙස බලා චීනය ඔවුන්ගේ වෙළෙඳ කලාප ආරම්භ කිරීමට තීරණය කළා. එසේම දේශීය කර්මාන්ත දියුණු කිරීමටත් ජයවර්ධන මහතා ආධාර දුන්නා.

එසේම අභියෝග ගණනාවකට මුහුණ දෙන්න ඒ මහතාට සිදු වුණා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයට මුහුණ දෙන්න සිදු වුණා. හමුදාව නවීකරණය කර සටන් කිරීමට හැකි හමුදාවක් ඇති කළා. පොලිසියේ විශේෂ කාර්ය බළකාය ඇති කළා. ඒ මහතා ඉදිරියට ගියේ ඉන්දියාවත් එකතු කරගෙන. “

ශිරෝමි අබයසිංහ