25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්තර් ප්‍රදේශ් වර්ෂාව ජීවිත 24ක් උදුරා ගනී

උත්තර් ප්‍රදේශ් වර්ෂාව ජීවිත 24ක් උදුරා ගනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව නිසා 24 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා සේවා නිලධාරීහු පවසති. මියගිය වැඩිදෙනාගේ මරණවලට හේතු වී ඇත්තේ වර්ෂාව හේතුවෙන් කඩා වැටුණු නිවාස සහ තාප්ප සුන්බුන්වලට යටවීමය. නිවාස සහ තාප්ප කඩා වැටීම් වාර්තා වී ඇත්තේ චිත්‍රකූට්, ප්‍රතාප්ගාර්, අමෙති සහ සුල්තාන්පූර් දිස්ත්‍රික්කවලිනි. චිත්‍රකූට් හි මාවූ පොලිස් ස්ථානය යටතේ පවතින කාර්හි ගම්මානයේ කාන්තාවක සහ දරුවන් දෙදෙනකු ජීවත් වූ කටුමැටි නිවසක් කඩා වැටී තිදෙනාම මියගොස් ඇතැයි වාර්තාවේ.

එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරී ගුලාබ් ත්‍රිපාති ප්‍රකාශ කරන්නේ නිවසේ සුන්බුන් අතර සිර වී මියගොස් සිටියදී මේ තිදෙනාගේ සිරුරු හමු වූ බවයි. ප්‍රතාප්ගාර්හි පැය 24 මුළුල්ලේ ඇති වූ වර්ෂාව නිසා නිවාසවල බිත්ති කඩා වැටීමෙන් දරුවකු ඇතුළු හත් දෙනෙක් මියගොස් තිබේ. ඉකුත් පැය 72 මුළුල්ලේ ඇද හැලුණු අධික වර්ෂාපතනය නිසා නිවාස කඩා වැටීම් සහ මරණ වාර්තා වී ඇති අතර, වැඩිදුර තොරතුරු එක්රැස් කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.