28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආධුනික ගගනගාමීහු නිරුපද්‍රිතව යළි එති

ආධුනික ගගනගාමීහු නිරුපද්‍රිතව යළි එති

දින 3ක් අභ්‍යාවකාශයේ ගතකළ මුල්ම ආධුනික ගගනගාමී සිවිල් වැසියන් සිව්දෙනා නිරුපද්‍රිතව පැමිණ බව වාර්තා වේ. ඉන්ස්පිරේෂන් 4 නමින් හඳුන්වනු ලැබූ ඔවුන්ගේ අභ්‍යාවකාශ ගමන සඳහා භාවිත කළ රොකට්ටුව සහ කැප්සියුලය ෆ්ලොරිඩාවේ නාසා ආයතනයට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් ගුවන් ගත වූයේ පසුගිය 15 වැනිදාය.

එය ඊයේ ෆ්ලොරිඩා වෙරළ සමීපයෙන් අත්ලාන්තික් සාගරයට ගොඩබෑ අතර එරට වේලාවෙන් සෙනසුරාදා (18දා) පව 7.00ට පිරිස එයින් ඉවතට පැමිණියහ. පැරෂූට් 4කින් සමන්විත කැප්සියුලය ජලය මත සුරක්ෂිතව ගොඩබෑමෙන් පසු බෝට්ටුවලින් එහි ගිය අමෙරිකා නාවික හමුදා නිලධාරීහු එහි සිටි පිරිසට ඉවතට පැමිණීමට සහාය වූහ. බිලියනපතියකු වන ජරේඩ් අයිසෙක්මන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.