ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයට කලක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති පුහුණු සංචිත පවත්වාගෙන යෑමට ගෘහස්ථ ක්‍රීඩාගාර පහසුකම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඊයේ පියවර ගත්තේය. ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණය තුළ නිශ්චිත ස්ථානයක් මේ සදහා වෙන් කර දුන් අතර, ඉදිරි පුහුණු සංචිත සඳහා නවීන පහසුකම් සැලසීමට ද අවශ්‍ය පියවර ගත්තේය. ක්‍රීඩා ඇමැතිවරයා ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ නිලධාරීන් සමග ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවේය.
කරාතේ දෝ පුහුණු සංචිත පවත්වා ගෙන යෑම උදෙසා අවශ්‍ය නවීන උපකරණ සලසා ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙතෙක් ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයට අයත් පුහුණු සංචිත විවිධ ස්ථානවල පවත්වා ගෙන ගිය අතර, එම දුෂ්කරතාව මඟ හරවා දීම සම්බන්ධයෙන් එම සංගමය ඇමැතිවරයාට ස්තුතිය පුද කළේය.