27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑ.ජා. සමුළුව ඇමතීමට තලේබාන් රජයෙන් ඉල්ලීමක්

එ.ජා. සමුළුව ඇමතීමට තලේබාන් රජයෙන් ඉල්ලීමක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පවත්වන එක්සත් ජාතින්ගේ මහා සමුළුව ඇමතීමට තමන්ට ද අවස්ථාවක් දෙන ලෙස තලේබාන් සංවිධානය ඉල්ලීමක් සිදුකර තිබේ. ඇෆ්ගනිස්තාන නව රජයේ විදේශ ඇමැතිවරයා පසුගිය සඳුදා ලිපියක් මගින් මේ ඉල්ලීම සිදු කර ඇත.

ඇෆ්ගනිස්තානයේ පසුගිය රජය විසින් පත් කරනු ලැබූ ගුලාම් ඉසාක්සායි මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන නියෝජිතවරයා ලෙස කටයුතු කරන අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

පසුගිය මාසයේ ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ නෙරපා දැමූ රජයේ කිසිදු පුද්ගලයකු තවදුරටත් රට නියෝජනය නොකරන බවය.