28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ මාෆියාවේ මිල ජනතාවට දරන්න බැහැ

ඖෂධ මාෆියාවේ මිල ජනතාවට දරන්න බැහැ

සුනිල් හඳුන්නෙත්ති

මේ රටේ ක්‍රියාත්මක ඖෂධ මාෆියාව සාමාන්‍ය ජනතාවට කිසිසේත් දරා ගැනීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඖෂධ සංස්ථාව මඟින් ගෙනා රුපියල් කෝටි ගණනක බෙහෙත් නාස්ති වීම සම්බන්ධව තමන් කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරද්දී පරීක්ෂණ කළ බවත් මහනුවර ජාතික රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේය.

රජයේ ඖෂධ ගෙන් වන යන්ත්‍රණයට ඇතුළු වී සිටින මාෆියාකරුවන් බලහත්කාරයෙන් රජයේ කොටස් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන දත්ත මකා දමා ඖෂධ හා සම්බන්ධ තොරතුරු වසන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් හඳුන්නෙත්ති මහතා කීවේය.

වැඩිදුරටත් කතා කළ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීවේය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කරනවා. ඔවුන්ගේ එම කැප කිරීම නොවන්නට මරණ සංඛ්‍යාව තවත් විශාල ලෙස ඉහළ යන්න තිබුණා. ඉදිරි පෙළ සිට කටයුතු කරන සෞඛ්‍ය අංශවල ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ආණ්ඩුව සංචරණ සීමා ලිහිල් කිරීම කළ ආකාරය අනුව ඇඳිරි නීතිය පවා අද හෑල්ලු වන තත්ත්වයක් ඇති වෙලා. රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යන්න මේකත් හේතුවී තිබෙනවා. දූපතක් වන අපේ රට කොවිඩ්වලින් ආරක්ෂා කර ගන්න අවශ්‍ය අවස්ථාවේ ආණ්ඩුව නිසි පියවර ගත්තේ නැහැ. ඒ නිසා අද අප සමඟ ජීවත් විය යුතු පිරිසක් මෙලොව අත හැර ගොස් තිබෙනවා.

පසුගිය දා ඖෂධවලට උපරිම මිලක් නියම කළා. අවසානයේ සිදු වී තිබෙන්නේ බෙහෙත් මිල වැඩි වීමයි. උපරිම මිලක් නියම කළාම වෙන්න ඕන බෙහෙත් මිල පාලනය වීමයි. නමුත් ෆාමසිවල තිබෙන බෙහෙත් විශේෂයෙන් බෝ නොවන රෝග වන හෘදයාබාධ හා දියවැඩියාවට ගන්නා බෙහෙත් මිල දෙතුන් ගුණයකින් වැඩි වෙලා. වැඩිහිටියන්, විශ්‍රාමිකයන් හා සාමාන්‍ය ජනතාව අද කබලෙන් ලිපට වැටිලා ඉන්න අවස්ථාවක බෙහෙත් මිල මේ ආකාරයෙන් ඉහළ දැමීම අතිශයින් අසාධාරණයි.

අසේල කුරුළුවංශ