25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයට සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 20 දා සිට

එජාපයට සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 20 දා සිට

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම පක්ෂයේ නිර්මාතෘ මහා මාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ඇරඹේ.

නව සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 1 දා සිට ඇරැඹීමට කලින් තීරණය කර තිබුණ ද පක්ෂ නිර්මාතෘවරයාගේ ජන්ම දිනයේදී එම කටයුත්ත අරඹන ලෙස පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරයට සමගාමීව ඔන්ලයින් සමුළු මාලාව අරඹනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදුණු සැප්තැම්බර් 17 දාය.

ශිරෝමි අබයසිංහ