27.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොහාන්ගේ සිද්ධිය: බන්ධනාගාර පරීක්ෂණයේ අවසන් වාර්තාව සති 2කින්

ලොහාන්ගේ සිද්ධිය: බන්ධනාගාර පරීක්ෂණයේ අවසන් වාර්තාව සති 2කින්

බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් කළේ යැයි කියන අයුතු ක්‍රියා පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් කරන පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉදිරි දෙසතිය තුළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දීමට නියමිතය.

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්ටීටීඊ රැඳවූවන් වෙත කළැයි කියන බලපෑම, මෙන්ම වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් කළේ යැයි කියන සිද්ධිය ද සම්බන්ධයෙන් අනුරාධපුර මෙන්ම වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගෙන් සහ සිරකරුවන් ඇතුළු 40 දෙනකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මේ සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත් කරනු ලැබීය. මේ වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශය වෙත භාර දීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බුද්ධිකා ඉඹුලාන