28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියන්මාර ගැටලුවට මැදිහත් වන්නැයි අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලයි

මියන්මාර ගැටලුවට මැදිහත් වන්නැයි අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලයි

මියන්මාරයේ ආයුධ සන්නද්ධ විරෝධතාකරුවන් සහ රජයේ හමුදාව අතර සිදුවන ගැටුම් තව දුරටත් උත්සන්න වීමට පෙර යම්කිසි පියවරක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂේල් බැච්ලට් අනතුරු ඇඟවූවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ මේ ගැටුම් හේතුවෙන් එරට ජාතික මට්ටමෙන් දරුණු හා ඛේදජනක ඉරණමකට ගොදුරු වනු ඇති බවය. එමෙන්ම කලාපයේ සෙසු රටවලටත් ඉන් අයහපත් බලපෑමක් උදාවනු ඇති බවත් ඇය කීවාය.

මේ ගැටුම් කඩිනමින් අවසන් කර මියන්මාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අන්තර්ජාතික ප්‍රජාව ප්‍රමාද වීමකින් තොරව උත්සාහ කළ යුතු බව ඇය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව පසුගිය පෙබරවාරියේ 1 වැනිදා මියන්මාර හමුදාව එරට බලය උදුරා ගැනීමෙන් පසු මේ දක්වා එහි ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ ප්‍රමාණය දහසකට වැඩිය. තවත් පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.