27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝදි සහ කමලා හැරිස් අතර ඓතිහාසික හමුවක්

මෝදි සහ කමලා හැරිස් අතර ඓතිහාසික හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහා අමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස් අතර විශේෂ හමුවක් පසුගියදා සිදු විය. ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානු උප ජනාධිපතිනී කමලා හැරිස් සහ ඉන්දීය රාජ්‍ය නායකයා අතර මෙවැනි හමුවක් සිදු වූයේ පළමු වරටය.එමෙන්ම එය අමෙරිකා ඉතිහාසයේ ඉහළම තනතුරක් දරන ඉන්දීය අමෙරිකානු නායිකාවක් ඉන්දීය නායකයා හමු වූ පළමු අවස්ථාව වශයෙන් ද ඉතිහාසයට එක් විය.කමලා හැරිස්ගේ ‍ඓතිහාසික ජයග්‍රහණයට සුබ පැතූ මෝදි ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙසට ඇයට ආරාධනා කර තිබේ. ඉන්දියාවේ ජනතාව ඔබ පිළිගැනීමට බලාගෙන සිටිනවායැයි මෝදි ඇයට පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. . දකුණු ඉන්දියාවේ තුලසෙන්ද්‍රපුරම්හි උපත ලබා ඇති කමලා හැරිස් පසුගිය වසරේ අමෙරිකාවේ ජනාධිපතිවරණයේදී එරට උපජනාධිපති පදවියට පත් වූ අතර, ඇගේ ජයග්‍රහණය සමරමින් ඉන්දියාවේ ඇගේ උපන් බිමේ ජනතාව ගිනි කෙළි සංදර්ශන සහ වීදි පෙළපාලි පවත්වමින් ප්‍රීති උත්සව පවත්වා තිබිණි.