28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනතාව එජාපය වටා පෙළගැසෙමින් සිටිනවා

ජනතාව එජාපය වටා පෙළගැසෙමින් සිටිනවා

වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ මහතාට හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇතැයි වටහාගෙන සිටින රටේ ජනතාව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. කඩා වැටී තිබෙන රට යළි ගොඩනැගීමට නම් මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් අබේවර්ධන මහතා කීවේය.

වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය