බ්‍රිතාන්‍ය තුළ පවතින ආහාර බෙදා හැරීමේ අර්බුදයට විසඳුමක් ලෙස ලොරි රථ රියැදුරන්ට සහ ගොවිපොළ ආශ්‍රිත රැකියාවේ නිරතවීමට විදේශිකයන් 10,500කට තාවකාලික වීසා බලපත් නිකුත් කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත. එළැඹෙන නත්තල් සමය නිමිත්තෙන් රට තුළ කිසිදු බාධාවකින් තොරව ආහාර හා වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමට අවශ්‍ය පසුබිම සකස් කිරීම එහි අරමුණ වී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය රජය පවසන්නේ මීට පෙර විදේශ ශ්‍රමිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබුණද, එම තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවය.
බ්‍රිතාන්‍ය රජයේ නිවේදනයට අනුව බරවාහන රියැදුරන් පන්දහසකට සහ ගොවිපොළ ආශ්‍රිත රැකියා කරන්නන් 5,500කට නව වීසා බලපත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.