ලබන මාසයේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන යුරෝපීය කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයට ක්‍රීඩා කරන ඉතාලි ජාතික කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 3ක් නම් කරයි. මධූප ප්‍රනාන්දු, දිනිදු මාරගේ සහ ජෝයි පෙරේරා එලෙස ඉතාලි ජාතික ක්‍රීකට් පිලට නම්කොට තිබේ.
1981 සැප්තැම්බර් 24 දී කොළඹදී උපත ලද දිනිදු අසංක මාරගේ තුන් ඉරියව්වෙන් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන අතර දේශීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කොට ඇ.ත. වයස අවුරුදු 23න් පහළ තරගාවලියේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ පානදුර ඔහු මුල් අවධියේදී ක්‍රීඩා කළේය. ඉතාලියට සංක්‍රමණය වීමෙන් පසු ඔහු 2013 සිට ලෝක ක්‍රිකට් ලීගයේ තුන්වන කොටසේ තරගාවලියේදී ඉතාලිය නියෝජනය කළේය.
34 හැවිරිදි බෙන්තොට බදුගේ ජෝයි ලෙනින් පෙරේරා 1987 මැයි 1 දින ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව ඉතාලියට සංක්‍රමණය වීමෙන් පසු 2010 සිට ඉතාලිය නියෝජනය කරමින් සිටී. දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වූ පෙරේරා ඉතාලි ජාතික කන්ඩායම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටී. ඔහු 2019දී ඉතාලිය වෙනුවෙන් පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කළේ ජර්මනියට එරෙහිවය.
1991 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උපත ලද වමතින් පන්දුවට පහර දෙන මධූප ප්‍රනාන්දු වසර 2017 සිට ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිටි. ඔහු 2018දී වැඩිම කඩුලුලාභියා වු අතර තරග 8කදී කඩුලු 6ක් බිදහෙලිය.
ඉතාලි ජාතික කණ්ඩායමේ නායකයා ලෙස දකුණු අප්‍රිකානු ජාතික තුන්ඉරියව් දස්කම් දක්වන ගරෙත් බර්ග් නම්කොට ඇත. ඔහු කේප් ටවුන් හී උපත ලබා පසුව එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට එක්ව දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. 2004දී නොදම්ටන්ෂයර් පිලට ක්‍රීඩා කළ ඔහු 2014 දක්වා මිඩ්ල්සෙක්ස් පිලට එක් විය. පසුව 2015 සිට 2019 දක්වා හැම්ෂයර් පිලට එක්වූ හෙතෙම තවමත් එම ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරයි.
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙසේය: ගරෙත් බර්ග් (නායක/ප්‍රධාන පුහුණුකරු), ජේඩ් ඩර්න්බැච්, මධූප ප්‍රනාන්දු, ජේමි ග්‍රැසි, ග්‍රාන්ට් ස්ටුවර්ට්, ඩැරන් ලෝ, දිනිදු මාරගේ, ජියන්-පියෙරෝ මේඩ්, ජෝයි පෙරේරා, අමීර් ෂරීෆ්, බල්ජිත් සිං, ජස්ප්‍රීත් සිං, මන්ප්‍රීත් සිං, නිකොලායි ස්මිත්.
ප්‍රින්ස් ගුණසේකර