25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුයින් අලි ටෙස්ට් පිටියට සමු දෙයි

මුයින් අලි ටෙස්ට් පිටියට සමු දෙයි

එංගලන්ත ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක මුයින් අලි ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කළේය. ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගියද 34 හැවිරිදි මේ ක්‍රීඩකයා තව දුරටත් එක්දින හා විස්සයි20 තරග සඳහා එංගලන්ත පිලට සිය දායකත්වය ලබාදීමට අදහස් කර තිබේ.

‘මට දැන් අවුරුදු 34යි. හැකිතාක් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිමටයි මගේ කැමැත්ත. ටෙස්ට් ක්‍රිකට් කියන්නේ විස්මයජනක ක්‍රීඩාවක්. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ හැම මුහුණුවරකටම වඩා රසවත්.‘ ටෙස්ට් පිටියට සමු දෙමින් ඔහු සිය නිවේදනයේ එසේ සඳහන් කර ඇත.

2014 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මුයීන් අලි ටෙස්ට් තරග 64කදී ලකුණු 2914ක් රැස් කිරීමට සහ කඩුලු 195ක් දවාලීමට සමත් විය. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නේ ටෙස්ට් ලකුණු 3000ක් සහ කඩුලු 200ක් සම්පූර්ණ කළ ලොව 15 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට ආසන්නව තිබියදීය.