― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකමේනිගේ අවමංගල්‍ය උත්සවයට නියෝජ්‍ය කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගී වෙයි 

කමේනිගේ අවමංගල්‍ය උත්සවයට නියෝජ්‍ය කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගී වෙයි 

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් එක්වෙයි

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවට අමතරව චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක රාජ්‍ය නියෝජිත පිරිස් ද සහභාගී වූ බව වාර්තා වේ.

උත්සවයට එක්වන රටවල් 30කට අධික සංඛ්‍යාවක ලැයිස්තුවක් ද සංවිධායකයන් විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම අවස්ථාවට ආසියානු හා යුරෝපීය රටවල නියෝජිතයන් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාප නියෝජනය කරන රාජ්‍ය නියෝජිතයන් ද එක්ව සිටීම විශේෂත්වයක් ලෙස සැලකේ.

සහභාගී වූ රටවල්:

• රුසියාව
• චීනය
• පාකිස්ථානය
• ඉන්දියාව
• තුර්කිය
• ටර්ක්මෙනිස්ථානය
• ටජිකිස්ථානය
• ඉරාකය
• ජෝර්ජියාව
• ආර්මේනියාව
• ඇෆ්ගනිස්තානය
• ඕමානය
• කටාර්
• අසර්බයිජානය
• කිර්ගිස්තානය
• උස්බෙකිස්තානය
• බංග්ලාදේශය
• ඊජිප්තුව
• කසකස්තානය
• ඝානා
• නිකරගුවාව
• කොංගෝව
• සර්බියාව
• ටියුනීසියාව
• ලෙබනනය
• නැමීබියාව
• මැලේසියාව
• කියුබාව
• ශ්‍රී ලංකාව
• මියන්මාරය
• ගැම්බියාව
• තායිලන්තය