විපක්ෂ නායක සජිත්
දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැළී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාවට ඇත්ත හෙළි කරන මාධ්‍යවේදීන්ව, පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවද ඒ මහතා පැවසීය.
පෙරවරුවේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30) කැඳවා තිබූ අතර, ඒ මහතා සමඟ එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා මාධ්‍ය අමතා මේ බව පැවසීය.
දත්ත මකා දැමීමේ සිදු වීම පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ, ජනතාවට එන්නත දීම, රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප්‍රචලිත කළ බවය.
නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බව යැයි පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළ බවද පැවසීය.
කොරෝනා මගඩිය ගජරාමෙට සිදු වෙමින් පවතින අතර, ඒ සියල්ල අතර නැවතත් ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ඉස්මතු කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.
පහන් විජේසේකර