28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුලිප් මෙන්ඩිස්ගේ සහායට කල්පගේ

දුලිප් මෙන්ඩිස්ගේ සහායට කල්පගේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව මේ මස 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු සිය රාජකාරි කටයුතු සිදු කරනු ඇත.

ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරන අතර, එම කණ්ඩායම සමඟින් එක් වීම සඳහා කල්පගේ මහතා අනිද්දා (3) ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු වන කල්පගේ මහතා මින් පෙර ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා 2019 වසරේ පැවැති ලෝක සුදුසුකම් ලැබීමේ තරගාවලියේදිත් කල්පගේ මහතා ඕමාන කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කටයුතු කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී ආරම්භ වන අතර, ඊට පෙර ඕමාන කණ්ඩායම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් විස්සයි20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරග 2ක මේ මස 7 සහ 9 දිනවල පැවැත්වෙන අතර, කොළඹදී ජෛව ආරක්ෂක බුබුළක් යටතේ මේ වන විට පුහුණුවීම් සිදු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනිද්දා (3) ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායම ද ඕමානය සමඟින් පුහුණු තරගයකට එක් වීමට සැලසුම් කර තිබූ අතර, එම තරගය අවලංගු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට එක්වීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයට එක්ව සිටින ඕමානය එහිදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. බංග්ලාදේශ, පැපුවා නිව්ගිනියාව සහ ස්කොට්ලන්ත ද එම කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර, ඕමානය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන 17 වැනිදාම පැපුවා නිව්ගිනියාව සමඟින් තරග බිමට පිවිසෙයි.

නිරෝෂාන් ප්‍රියංකර