25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්දනාගෙන් ශතකයක්

මන්දනාගෙන් ශතකයක්

ස්මිත්‍රි මන්දනා රැස් කළ වාර්තාගත ශතකය හේතුවෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමඟ ක්වීන්ස්ලන්ඩ්හිදී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කාන්තා පිල කඩුලු 5ක් දැවී ලකුණු 276ක් රැස් කර ගෙන සිටියේය. නිමා වූ දින දෙකේදීම වර්ෂාවෙන් මේ තරගයට බාධා වු අතර, තරගය පළමු දිනයේ ඕවර 44.1කටත්, දෙවැනි දිනයේ ඕවර 57.4කටත් සීමා විය.

තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුණු 80ක් රැස් කර සිටි මන්දනා ඊයේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ සමඟ ඇය වාර්තා අතරට එක් වූයේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙසනි.

ලකුණු 127කට දැවී යද්දී පන්දු 216කට මුහුණ දී සිටි ඇය හතරේ පහර 22කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තාය. 25 හැවිරිදි මන්දනා ක්‍රීඩා කරන සිව්වැනි ටෙස්ට් තරගය මෙයයි.

ෂෆාලි වර්මා ලකුණු 31ක්,

පුනම් රවුට් ලකුණු 36ක් සහ නායිකා මිතාලි රාජ් ලකුණු 30ක් ඉනිමට එක් කළහ.

අද තරගයේ තෙවැනි දිනයයි.