24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තාන විදේශ ඇමැතිට එංගලන්තයේදී විරෝධතා

පාකිස්තාන විදේශ ඇමැතිට එංගලන්තයේදී විරෝධතා

පාකිස්තාන විදේශ ඇමැති ෂා මහ්මූද් කුරේෂි පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර කළ සංචාරයක් අතරතුර එරට බලුකිස්තාන සහ සින්ද් ඩයස්පෝරාවෙන් දැඩි විරෝධතා එල්ල වී ඇතැයි වාර්තා වේ. ලන්ඩන් නුවර පාර්ලිමේන්තු චතුරස්‍රය අසළ දී මේ විරෝධතාව පැවැති අතර, පාකිස්තානයට ආධාර ලබා දීම වහා නතර කරන ලෙස එම උද්ඝෝෂකයෝ බ්‍රිතාන්‍ය රජයට බල කර සිටියහ.

පාකිස්තාන බුද්ධි අංශයේ සාමාජිකයන් විසින් සිදු කරනු ලබන මාධ්‍යවේදින් පැහැර ගැනීම් සහ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සටහන් කළ බැනර් හා විරෝධතා පුවරු ඔසවාගෙන එම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වී තිබිණි. එමෙන්ම පාකිස්තාන බුද්ධි අංශයේ එම ක්‍රියාකාරකම් පිළිබඳ කිසිවකු ප්‍රශ්න කිරීමට ඉදිරිපත් නොවූ බව ද විරෝධතාකරුවන් සඳහන් කර ඇත.

පාකිස්තාන රජය නිකායවාදී ජන සංහාරයක් සිදු කරමින් සිටින බවත්, බලුකිස්තානුවන්, හසාරාස්, හින්දුස්, සික්ස් සහ අහ්මදියා වැනි පාකිස්තානයේ සුළු ජාතිකයන්ට මේ අසාධාරණය දැඩි ලෙස සිදුවන බවත්, සිය රටේදීම තම ජාතීන් සරණාගතයන් බවට පත් වී සිටින බවත් විරෝධතාකරුවන් පෙන්වා දී තිබේ.