24.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාකෝ කුමරිය 26දා යුග දිවියට

මාකෝ කුමරිය 26දා යුග දිවියට

සරසවියේදී එකට ඉගෙන ගත් සාමාන්‍ය පවුලක තරුණයකු වන කෙයි කොමුරෝ සමඟ පෙමින් බැඳී පසුගිය කාලයේ ලොව පුරා කතාබහට ලක් වූ ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ මිනිපිරිය මාකෝ කුමරිය මේ මස 26 වැනිදා යුග දිවියට පිවිසීමට නියමිත බව වාර්තා වේ. වසර 2018 දී කොමුරෝ සමඟ විවාහ වීමට තීරණය කර තිබුණත් ඒ සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බව කියමින් ඇය විවාහය කල් දමා ගත්තාය. ජපානයේ සාමාන්‍ය පවුලක තරුණයකු සමඟ විවාහ වන බැවින් මාකෝ කුමරියට ඇගේ රාජකීයත්වය අහිමි වන අතර, එය ආදරයට බාධාවක් නොවන බැවින් කොමුරෝ අත් නොහැරීමට තීරණය කිරීම නිසා මාකෝ කුමරිය ජපාන වැසියන්ගේ ආදරයට පාත්‍ර වූවාය.

විවාහයෙන් අමෙරිකාවට සංක්‍රමණය වීම මේ දෙදෙනාගේ බලාපොරොත්තුව වී තිබේ. එහි දී කොමුරෝ නීතිඥයකු ලෙස රැකියාවක නිරතවිමට අදහස් කර ඇතැයි ද වාර්තා වේ.