27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට දුන් පොරොන්දු කොවිඩ් නිම වීමත් සමඟ ඉෂ්ට කරනවා

ජනතාවට දුන් පොරොන්දු කොවිඩ් නිම වීමත් සමඟ ඉෂ්ට කරනවා

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන

කොවිඩ් වසංගතය ඉක්මනින් අවසන් වු පසු ඉදිරි අවුරුදු තුන හමාර තුළ අපි ජනතාවට දුන් සියලුම පොරොන්දු සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළින් අවසන් කරනවා. එතකොට ඔය විවේචන කරන අයට පැත්තකට වෙලා ඉන්න වෙයි. යනුවෙන් ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර, මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාසයට අයත් මරදන්කල්ල වැව ප්‍රතිසංස්කරණ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහසු දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“කඩා වැටුණු රට ගොඩ නඟන්න කඩිනම් වැඩසටහන් ගණනාවක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ග්‍රාමසේවා වසමකට රුපියල් ලක්ෂ 30 බැගින් සංවර්ධන කටයුතුවලට දී තිබෙනවා. ඒ කොට්ඨාසයේ ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයාට ලක්ෂ 40ක් දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලක්ෂ 1000ක් දෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක් දෙනවා.

අපේ රටේ වරායවල් , ගුවන්තොටුපොළවල් හදාගන්න ඕනෑ. යහපාලන ආණ්ඩුව අවුරුදු 05ක් විනාශ කළ රටක්. ආර්ථික වශයෙන්, මහ බැංකු මංකොල්ලය, සහරාන්ගේ බෝම්බ සිද්ධිය එක්ක විනාශ වෙලා තිබු රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අපේ රජය භාර ගත්තේ. ඒ අය දැන් නොදන්නවා වගේ එක එක විවේචන කරනවා.

ආර්ථිකය කඩා වැටිලා තිබෙන රටක් සමාගම්වලින් හෝ රටකින් හෝ මූල්‍ය ආධාර ගන්න ඕනෑ. එහෙම නැතිව අපි පැත්තකට වෙලා සිටියොත් රට නිකම්ම නිකං රටක් වෙයි. මිනිස්සු නිකම්ම නිකං මිනිස්සු වෙයි. ආණ්ඩුවත් නිකම්ම නිකං ආණ්ඩුවක් වෙයි. එහෙම වෙන්න බෑ. අපි වැව් 14,000ක් මේ වන කොට ප්‍රතිසංස්කරණය කරන්න ලෑස්ති කර තිබෙනවා. මොරගහකන්ද ජලාශය රජරටට දෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශයෙන් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම ග්‍රාමීය පාරවල් ලක්ෂයක් කාපට් කරනවා.”

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක