27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසනත් ඇවිත්...

සනත් ඇවිත්…

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය නැරැඹීමට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය හා මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරු පැමිණෙති. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, තරගය නැරැඹූ සනත් ජයසූරිය හා මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරු ඊයේ ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන්ගේ ඉදිරි තරග සඳහා සුබ පැතුම් එක් කළ අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ දැනුම්වත් කිරීමේ හමුවකට ද එක් වුහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බංග්ලාදේශය සමඟ තරගයේදී යම් යම් අවස්ථාවල ආවේගශීලීව හැසිරිම හා එය තරගයේ ප්‍රතිඵලයට කෙලෙස බලපෑම් ඇති කළේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් සමඟ විවෘත සංවාදයක ඔවුහූ නිරත වූහ. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පැවසූවේ අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ අතිවිශාල අත්දැකීම් ඇති සනත් ජයසුරිය මහතාට මේ සම්බන්ධ කළ හදිසි ආරාධනය පිළිගැනීම සම්බන්ධව තම ස්තුතිය පුද කළ බවයි. සනත් ජයසුරිය මහතා ක්‍රීඩා පිටියේ විනයානුකූලභාවය හා උපාය මාර්ගික හැසිරීම සම්බන්ධ අත්දැකීම් ක්‍රීඩකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබී ඇත.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…