28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුවෙන් යැපෙන ඇතැම් මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා

ආණ්ඩුවෙන් යැපෙන ඇතැම් මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුවෙන් මුදල් උපයා ගන්නා ඇතැම් මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“සමඟි ජන බලවේගය කොටස්වලට කැඩී ඇතැයි මාධ්‍ය වාර්තා කළත් අපේ පක්ෂය දිනෙන් දින ශක්තිමත් වෙමින් තිබෙනවා. අද වන විට රාජපක්ෂ ආණ්ඩුව හැම පැත්තෙන්ම අසාර්ථක වී ප්‍රපාතයට ඇද වැටෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් 13,000ක් මිය ගියේ ආණ්ඩුෙව් අසමත්භාවය නිසයි. අනෙක් පැත්තෙන් රට ඉන්දියාවට සහ චීනයට විකුණනවා. කොමිස් මුදල් සාක්කුවට දා ගන්නවා.

තවත් මාස ගානක් යන විට ගොවියා දුප්පත් වෙනවා. රට සාගතයකට යනවා. ඒ අතරේ ආණ්ඩුවෙන් යැපෙන, ආණ්ඩුවෙන් හම්බ කරන මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. අද සමහර මාධ්‍ය ආයතන දේශපාලන ගණිකා වෘත්තියේ යෙදී සිටිනවා. එහෙම කරලා විපක්ෂය බලයට එන එක නවත්වන්න බෑ. 1977දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සමහර මාධ්‍ය ආයතන වර්ජනය කිරීමට සිදු වුණා. මාධ්‍යයේ සාධාරණ ප්‍රවෘත්ති යනවාට අපි කැමැතියි. නමුත් අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මාධ්‍යවේදීන්ට අපි කියන්නේ මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න එපා කියලයි.”

අනුර ප්‍රේමලාල් සහ පහන් විජේසේකර