31.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා පාපන්දු රටාව වෙනස් වීමට දැන් කාලයයි

ශ්‍රී ලංකා පාපන්දු රටාව වෙනස් වීමට දැන් කාලයයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආරක්ෂාවට වඩා දැන් ප්‍රහාරය වැදගත් 
– සුජාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රහාරාත්මක රටාවකින් යුතු විය බවත්, නිරන්තරයෙන්ම ආරක්ෂාකාරී වෙමින් සිටීම තරග ජයග්‍රහණයට බාධා ඇති කරන්නක් බවත් ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පවසයි. වත්මන් පාපන්දු සම්මේලනය තුල ඇති ධනාත්මක බලාපොරොත්තු යථාර්ථයක් කිරීමට නම් ක්‍රීඩා පිටිය තුල තරග රටාවේ යම් වෙනස් කම් කොට රටට උපරිම ප්‍රතිඵල ලබාදීම අනිවාර්ය විය යුතු බව සුජාන් පෙරේරා සඳහන් කළේය.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය කලාපයේ ඇති ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන අතර, මෙවර එය මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු යොදා තිබිණි. මෙහිදි ශ්‍රී ලංකාව සහභාගීවු බංග්ලාදේශය සමග තරගය ගෝල් 1-0ක් ලෙස හා නේපාලය සමග තරගය ගෝල් 2-3ක් ලෙස පරාජයට පත් විය. මේ තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙනදාට වඩා යහපත් තත්ත්වයකින් තරගය පුරා ක්‍රීඩා කිරීම කැපී පෙණුනි. ශ්‍රී ලංකා පාපන්දුව යහපත් ගමන් මගකට පිවිස ඇති බවත් සුලු තාක්ෂණික අඩුපාඩු සකසා ගෙන පැහැදිලි අනාගතයක් කරා යා හැකි තත්ත්වයක වර්තමානයේ ශ්‍රී ලංකා පිල සිටින බවත් මාලදිවයිනේ සිටින පාපන්දු විචාරකයෝ සඳහන් කරති.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ඉන්දියාව හා මාලදිවයින සමග ඉදිරි තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදීමට කැපවන බව නේපාලය සමග තරගයෙන් අනතුරුව පාපන්දු නායක සුජාන් පෙරේරා පැවැසීය.

“නේපාලයට එරෙහිව ඇටැකින් ෆුට්බෝල් සෙල්ලම් කරන්නයි අපට ඕනෑ වුනේ. ඒක සාර්ථක වුණා. ඒක තරමක් අවදානම් වැඩක් බව අප කලින්ම දැන සිටියා. ඒකයි ඔවුන් ගෝල් 3ක් ගහද්දී අප ගෝල් 2ක් ගැහුවේ. මේ ප්‍රතිඵලය අපට වාසිදායක ලෙස පෙරලා ගැනීමයි වැදගත්. මොකද ශ්‍රී ලංකා ෆුට්බෝල් දැන් වෙනස් කරන්න කාලය හරි. ඇටෑකින් ෆුට්බෝල් වලට යන්න වෙනවා. හැමදාම ඩිෆෙන්ස් කර කර ඉඳලා බෑ. ඉදිරි තරගවලදී මේ ක්‍රමයට ක්‍රීඩා කරලා දිනන්න අවශ්‍යයි. ඊළඟ තරග දෙකේදී ටිකක් ප්‍රබල සටනක් දිය යුතුයි. ඒකට හැඩ ගැහිලා අප ක්‍රීඩා කළ යුතුයි“ සුජාන් පෙරේරා පැවැසිය.

“පුහුණුව මදි කියලා කියන්නේ නෑ. පාපන්දු සම්මේලනය වෙනදාට වඩා දිය හැකි සියලු පහසුකමක්ම දුන්නා. ක්‍රීඩකයන්ට දිය හැකි සෑම දෙයක්ම දී තිබෙනවා. අපේ යුතුකම තරග දිනවන එක. හැබැයි පුහුණු තරගවල අපට අඩුවක් තිබුණා. නේපාලය අප සමග සෙල්ලම් කරන්න කලින් ඇවිත් තියෙන්නේ පුහුණු තරග 8කට පමණ සහභාගී වෙලා. පුහුණු තරගවලින් විශාල දෙයක් කණ්ඩායම තුල ගොඩ නැගෙනවා“ සුජාන්ගේ අදහස විය.

“එංගලන්තයේ සිට පැමිණ ශ්‍රී ලංකා පිලට එක්වු ක්‍රීඩකයන් දෙදෙනාම හොඳ වාසියක් වුණා. ඒ දෙදෙනාම ගෝල් ලබා ගත්තා. නේපාලය සමග තරගය පරාජය වීම ඇත්තටම කණගාටුයි. මොකද ටිම් එකක් හැටියට අපි හොඳ තරගයක් දුන්නා“ ශ්‍රී ලංකා පාපන්දු නායකයා පැවැසීය.