31.1 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තාන විපක්ෂ නායක බිරියට අධිචෝදනා

පාකිස්තාන විපක්ෂ නායක බිරියට අධිචෝදනා

පාකිස්තානයේ විපක්ෂ නායක සහ පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන ඇමති ශෙබාස් ශෙරීෆ්ගේ බිරිය වන නුස්රත් ශෙබාස්ට එරෙහිව එරට විගණන අධිකරණයක අධිචෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ. ගිණුම් කටයුතු පිළිබඳ ජාතික කාර්යාංශය

විසින් ගොනු කරනු ලැබූ නඩුවකට අනුව මේ චෝදනා පත්‍ර බාර දී තිබේ.

මීට පෙර ඇගේ පුත්‍රයා වන පන්ජාබ් ප්‍රාන්තයේ විපක්ෂ නායක හම්සා ශෙබාස් එම අධිකරණයේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය හේතු මත ඇය වෙනුවෙන් එක් වරක් අධිකරණයේ පෙනී සිටීමේ අයැදුම්පතක් ගොනු කරමිනි. නිවෙසේ පඩිපෙළකින් ඇද වැටීම හේතුවෙන් සිය මව වන විත්තිකාරිනියට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි ඇගේ නීතිඥවරු අධිකරණයට දන්වා තිබිණි. මේ මස

18 දා සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පැමිණිලි පාර්ශ්වය වෙත නියෝග කර තිබේ.