පාකිස්තානයේ බලුකිස්ථාන් පළාතට අද අලුයම් කාලයේ දී ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.
එහි අගය රිච්ටර් මාපාංක 5.7ක අගයක් ගෙන ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
මෙම භූ කම්පනය හේතුවෙන් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 150දෙනෙකුවත් තුවාල ලබා ඇතැයි සදහන් වේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදු වෙමින් පවතී.
කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ගැන මෙතෙක් අනතුරු අඟවා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.