28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුබායි එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශනය ඇරඹේ

ඩුබායි එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශනය ඇරඹේ

ලෝක ආර්ථික ප්‍රදර්ශන අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ඩුබායි එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය 1 වැනිදා ඩුබායි නගරයේදී ආරම්භ විය. රටවල් 192ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දින 182ක් පුරා පැවැත්වෙන මේ දැවැන්ත ප්‍රදර්ශනය නිමාවට පත්වන්නේ ලබන වසරේ මාර්තු මාසයේ 31 වැනිදාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ප්‍රමුඛතව ව්‍යාපාරිකයන් බවට පත් වී සිටින ඉන්දීය ජාතිකයන්ගේ ආයෝජන සඳහා වැඩි ඉඩකඩක් වෙන් වී ඇති ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට ලොව පුරා ධනවත් සමාගම් විශාල සංඛ්‍යාවක් එක්වී සිටී. කොවිඩි වසංගතය හමුවේ වූවත් මේ ප්‍රදර්ශනයට ආයෝජකයන්ගේ ඇති උද්යෝගය පිළිබඳ එරට රජයේ නියෝජිතයන්ගේ දැඩි පැසසුමට ලක් වී තිබේ. එරට වෙළෙඳ පොළ තුළ ප්‍රබල ස්ථානයක් අත්කර ගෙන සිටින ඉන්දීය ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ. .

මේ ප්‍රදර්ශනය මීට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් 20 දින සිට මේ වසරේ අප්‍රේල් මාසයේ 10 දින දක්වා පැවත්වීමට මීට පෙර කටයුතු යොදා තිබූ අතර, කොවිඩ් වසංගතයේ ව්‍යප්තිය හේතුවෙන් එය මේ වසරට කල් දමා තිබිණි.