27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනා

ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනා

නිරායුධකරණය සහ අන්තර්ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳ සාකච්ඡා කළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු කාරක සභා රැස්වීමේදී පාකිස්තානය විසින් කාශ්මීර ප්‍රශ්නය මතු කිරිම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා එල්ල කර ඇත. එම රැස්වීමට සහභාගි වූ පාකිස්තාන නියෝජිත මුනීර් අක්රාම් එම කරුණ ඉස්මතු කිරීම හේතුවෙන් ඊට පිළිතුරු දීමට සිය අයිතිය භාවිත කරමින් ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදයට සහයෝගය පළ කිරීමේ පුරුද්දක් ඇති ගෝලීය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති පාකිස්තානය වෙතින් මෙවැනි ප්‍රකාශයක් හැර වෙනත් ඵලදායි දායකත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවය.

පාකිස්තානය කාශ්මීර ගැටලුව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ඉස්මතු කිරීමෙන් දැඩි කෝපයට පත් වී සිටින ඉන්දියාව වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ න්‍යෂ්ටික අවි හා තාක්ෂණය නීති විරෝධී ලෙස අපනයනය කළ බවට තහවුරු වී ඇති මෙවැනි රටකින් ඉන්දියාවට උපදෙස් අවශ්‍ය නොවන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඒ අමර්නාත් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.