28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිසි ක්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානකයි

නිසි ක්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානකයි

බෙංගමුවේ නාලක හිමි

කොරෝනා වයිරසයෙන් බේරීම සඳහා එන්නතට වඩා හොඳ ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පවතින බවත්, නිසි ක්‍රමවේයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානක විය හැකි බවත් ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ගාල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකයෙ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

“එන්නත ගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අයට දේශීය වෛද්‍ය ක්‍රම වෙත යොමු වන ලෙස ආරාධනා කරනවා. මම ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ සභාපති ලෙස වගකීමෙන් කියනවා අපේ වෛද්‍ය සම්මේලනයේ හා ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළුව දේශීය වෙදකම භාවිත කරන වෛද්‍යවරු කියනවා මේ රෝගය සුවපත් කරන්න අපට ප්‍රතිකාර තියෙනවා කියලා. මේක සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ රෝගයක්. හැබැයි සෙම්ප්‍රතිශ්‍යාව රෝගය නරක් වුණොත් නියුමෝනියාව හැදෙනවා. මේ රෝගයත් එහෙමයි. නියුමෝනියා තත්ත්වයට පැමිණි අයටත් දේශීය ප්‍රතිකාර තියෙනවා. තුන්දොස්වලින් සෙම මුල් කර ගෙන තමයි මේ රෝගය හැදෙන්නේ. ඒ සෙමට කරන ප්‍රතිකාර කලාම මේ රෝගය සුවපත් වෙනවා. ඒ නිසා සමහරු උත්සහ දරනවා මේ ක්‍රියාවලියෙන් ලෝකේ අංක එකට පැමිණෙන්න. ඒක මෝඩකමක් මෝඩ කථාවක්. මොකද අපට එහෙම ඕනේ නැහැ. අපට ඕනේ මේ රෝගය සුවපත් කිරීමෙන් ලෝක‌යේ අංක එකට එන්න. ඒක ඔය ක්‍රියාවලියෙන් නම් කවදාවත් කරන්න බැහැ. ඒවා කරන්න පුළුවන් අපේ දේශීය වෙදකම තුළින්. ඒ සඳහා අපේ වෙදමහත්වරුන් ඇප කැප වී පොරොන්දු වෙලා දැනට ඉන්නවා ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු.

මේ පුංචි දරුවන් මේ ක්‍රියාවලියට යොදා ගැනීම නම් ඉතාමත් භයානකයි. මේ අහිංසක දරුවන් මොනවාද දන්නේ. ඒ අය වෙනුවෙන් කිසියම් ප්‍රකාශකයට මව්පියන් අත්සන් කරනවා. ඒ අය ජීවත් වුණොත් අතුරු ආබාධ හැදිලා ඉන්න ගමන් ඒ අය මව්පියන්ට සාප කරයි. ඒ නිසා මේ වැඩේ නම් කරන්න එපා. කිසියම් බටහිර හෝ දේශීය වෛද්‍යවරයෙක් මේවා නිෂ්පාදනය කළ අය මේ ක්‍රියාවලිය මඟින් මේ රෝගය සුවපත් වෙනවා කියලා පොරොන්දු දෙන්නේ නැහැ. මෙයින් මරණය වළකිනවා කියලා කියන්නෙත් නැහැ.”