28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැන්ඩෝරා හෙළිදරවුව ගැන නිසි විමර්ශනයක් බලාපොරොත්තු වෙන්න බෑ

පැන්ඩෝරා හෙළිදරවුව ගැන නිසි විමර්ශනයක් බලාපොරොත්තු වෙන්න බෑ

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

පැන්ඩෝරා හෙළිදරවු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ විමර්ශන කොමිසම් සභාව නිසි විමර්ශනක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු තැබීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍ය වෙත පෙරේදා (07)අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව් කිරීම අද ඉමහත් ආන්දෝලානාත්මක සිද්ධියක් බවට පත් වෙලා. රටවල් 90 ක පමණ විවිධ පුද්ගලයන් අයතා විදිහට මුදල් ඉපයීම, බදු නොගෙවීම, මුදල් විශුද්ධිකරණය කිරීම පිළිබඳ මෙම පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළිදරව් කර තියෙනවා. හෙළිදරව් කිරීමට ප්‍රථම අයි.සී.අයි.ටී. ආයතනය චෝදනා ඇති සියලුම පුද්ගලයන් වෙත ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත් නමුත් සමහර උදවිය පිළිතුරු දීමට ඉදිරිපත් වී නැහැ. මෙවැනි තත්ත්වයක් තිබියදී හෙළිදරව් කිරීම සිදු වුණා.

ලංකාවේ ජනාධිපතිවරයා මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පවරා ඇති බව මාධ්‍යයෙන් දැනගන්න ලැබුනා. අල්ලස් දූෂණ කොමිසන් සභාව මේ පිළිබඳව නිවැරදි විමර්ශනයක් සිදු කරදැයි අපිට අහන්න වෙලා තියෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට, රාජ්‍ය සේවයේ ප්‍රධානීන්ට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට විරුද්ධව යම් යම් සිද්ධීන් පිළිබඳව සනාථ කිරීමට කරුණු ඇතැයි සඳහන් කරමින් පසුගිය කාල පරිච්ඡේදයේදී අල්ලස් දූෂණ කොමිෂන් සභා විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් නඩු ගොනු කිරීමට කටයුතු කළා. එම සභාවම පසුව කාර්මික දෝෂ හෝ එසේ නැත්නම් නඩුව සනාථ කිරීමට කරුණු නැතැයි කියමින් අධිකරණයෙන් නඩු ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තියෙනවා.

ශිරෝමි අබයසිංහ