28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැටුප් ගැටලුවට දුන් විසඳුම් ගුරු සංගම්වලට ලිඛිතව දැන්වූවා

වැටුප් ගැටලුවට දුන් විසඳුම් ගුරු සංගම්වලට ලිඛිතව දැන්වූවා

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව අදියරගතව, විසඳීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් වර්ජනයේ නිරතව සිටින සියලු වෘත්තීය සමිති වෙත ලිඛිත දැනුම් දුන් බව සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය. එම විසඳුම් පෙර කී ලෙසම ඉටු කරන බවට, පළමු වතාවට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිත්‍යනුකූල ලිපියක් වෘත්තීය සමිති වෙත මේ වන විට භාර දී ඇති බවත් හෙතෙම කීවේය.

2022 වසර සඳහා ලබන මාසයේදී ඉදිරිපත් කරන අයවැය යෝජනා මඟින් මේ ගැටලුවට විසඳුම් දීමට නියමිත බවද ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කල් තියා පවසමින් අයවැය රහස් හෙළි කිරීමට තමන් සූදානම් නැතැයිද ඇමැතිවරයා පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ආණ්ඩුව දැනටමත් දී ඇති විසඳුම පිළිබඳ අගමැතිවරයාගේ එකඟතාව මත දිනයක් ලබා ගෙන, අදාළ සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් කළ හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ‍දෙමිනි.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න