30.6 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරට විශාල මූල්‍ය අර්බුදයකට පත් වී තිබෙනවා

රට විශාල මූල්‍ය අර්බුදයකට පත් වී තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

අද වන විට රටේ සෞඛ්‍ය පිරිහෙමින් තිබෙන බවත් විශාල මූල්‍ය අර්බුදයක රට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය දා (06) පැවැති මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘මගේ කාලයේ දී පුද්ගලික රෝහල්වල සිදුකරන රුධිර පරීක්ෂණ තහනම් කළා .මිනිස්සුන්ට වැයවෙන දස දහස් ගණනක මුදල් පුද්ගලික අංශයට යන එක නතර කළා. මිලියන දෙදහස් හයසියයක් වටින ඔටෝ analizer ගෙනත් දුන්නා. එහිදී තප්පර 30ක දී වෛද්‍ය වාර්තා 16ක් නිකුත් වුණා. නවීන යන්ත්‍රය නිසා රුධිර සාම්පල ලබා ගැනීම පිටට යන එක නතර කළා අද එම රුධිර පරීක්ෂණවල මිල ඉතාම ඉහළයි.

මෙයට හේතුව ආණ්ඩුවට කියන්න පුළුවන් කොරෝනා නිසා කියලා එය සම්පූර්ණ බොරුවක්. වසංගතයට කිසිම සම්බන්ධයක් නැහැ .උදාහරණයක් විදියට දකුණු ආසියාතික රටවල් ගන්න පුළුවන් ලංකාවේ මුදලේ අගය අද අඩුවෙලා. මෙය තනිකරම නොහැකියාව මිසක් කොරෝනාව නොවෙයි.

අද අපිට දකින්න ලැබෙනවා කිරිපිටි අරගෙන නැව් ඇවිල්ලා නතර කරගෙන ඉන්නවා .මුදල් නැතුව බැංකුවලට ඩොලර් නැහැ. එම නිසා එන්න විදිහක් නැහැ එම බඩු ටික අරගෙන මැලේසියාවට සිංගප්පූරුවට ගිය බව දැනගන්න ලැබුණා .මොන තරම් විදිහට රට බංකොළොත් වෙලාද. එක පැත්තකින් බඩුමිල අහසට යනවා .අනිත් පැත්තෙන් බඩු හිඟ වෙනවා. ගොඩක් බඩු ගෙන්වීම තහනම් කරලා රජයේ දේපොළ විකුණනවා. සංවර්ධන සහනාධාර වෙන් කර මුදල් කපා හැරලා .රට බංකොලොත් වෙනවා.’’

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්