― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව හිතුවක්කාරී ආකාරයෙන් ක්‍රියා කළ හොත් දේශනා කළ යුතු වෙනම පිරිත් තිබෙනවා

ආණ්ඩුව හිතුවක්කාරී ආකාරයෙන් ක්‍රියා කළ හොත් දේශනා කළ යුතු වෙනම පිරිත් තිබෙනවා

ඇල්ලේ ගුණවංශ හිමි

එකිනෙකාගේ සේවකයන් ලෙස ජිවත්වීමට කිසිසේත්ම සූදානම් නොමැති බවත් අයිතිකරුවන්ගෙන් නොඅසා ගිවිසුම් ගැසීමට කිසිවකුටත් හැකියාවක් නැති බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ. ජාතික සම්පත් විකිණිමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධාන නියෝජිතයන් කොළඹ ධර්මායතනයට පැමිණ පසුගිය දා (06) පස්වරුවේ කළ සාකච්ඡාවෙන් අනතුරුව උන්වහන්සේ මේ බව පැවැසූහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසිය.

‘‘කඩිමුඩියේ ආණ්ඩුවේ සෙසු ඇමැතිවරුන්ටත් නොදන්වා මහ රෑ ගිවිසුම් අත්සන් තබමින් ආණ්ඩුව හිතුවක්කාරී ආකාරයෙන් ක්‍රියා කළහොත් ඊට එරෙහිව දේශනා කළ යුතු වෙනම පිරිත් තිබෙනවා. එල්.එන්.ජී බලාගාර සහ වරාය ප්‍රශ්න වර්තමානයේ රට තුළ බරපතළ ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.හිස, අත් සහ පාද මෙන් වැදගත් මෙවැනි සම්පත් රැක ගැනීමට හඬ නඟනවා. ත්‍රිකුණාමලය වරාය පාලනය කරන්නා මුළු ලෝකයම පාලනය කරන බවට මතවාදයක් පවතිනවා. හදවත බඳු එවැනි තැනක් තර්ජනයට ලක්වීමට නොදී රැක ගැනීමට පෙළගැසෙනවා. වංචා දූෂණ නතර කළහොත් මුදල් ගැටලුවක් මතු වන්නේ නෑ. මා ළඟ ළඟ වංචා දූෂණ සියල්ලට අදාළ තොරතුරු තිබෙනවා.එම්.සී.සී, ඉට්කා සහ සෝෆා වැනි ගිවිසුම් ඔස්සේ ජාතික සම්පත් විකිණීමට පසුගිය ආණ්ඩුව උත්සහ ගන්නා අවස්ථාවේ ඒවා රැක ගැනීමට මා කටයුතු කළා.’’