– චන්දිමාල් කියයි
සියලු ක්‍රීඩකයන්ගේ මානසික යෝග්‍යතාව ඉහළින් පවතින බැවින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම් හමුවේ සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.
මෙවර විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ නිල ක්‍රීඩා ඇඳුම හඳුන්වාදීමේ මාධ්‍ය හමුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් චන්දිමාල් සිය අදහස් පළ කළේය.
පුරුදු නැති නිසා ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂිත වළල්ලක් ඇතුළත රැඳී සිටීම ඉතා දුෂ්කරයි. ඒත් මේක ගෝලීය වසංගතයක් බව අපි හැමෝම දන්නවා. අපිට කොවිඩ් මාර්ගෝපදේශ පිළිපදින්න සිද්ධ වෙනවා. ඒ නිසා පවතින දුෂ්කර තත්ත්වය මත වුණත් හැම ක්‍රීඩකයෙක්ම හොඳ මානසික මට්ටමක ඉන්නවා.‘ චන්දිමාල් කීවේය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණු තරගවලට ක්‍රීඩා කිරීමටත්, පුහුණු සැසි කිහිපයකට එක්වීමටත් අවස්ථාව ඇති බැවින් තරගාවලියට හොඳ සූදානමක් ලබාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.
‘මම කැමතියි ඉනිම ආරම්භ කරලා කණ්ඩායම වෙනුවෙන් කඩුල්ල රැකගෙන ක්‍රීඩා කරන්න. ඒත් ඒක තේරීම් කමිටුව හා පුහුණුකරුවන් තීරණය කරාවි. කොහොමවුණත් මම ඕනෑම ස්ථානයකින් පිතිහරඹයේ නිරත වෙලා කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කරන්න ලැහැස්තියි.‘ ඔහු කියා සිටියේය.