25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවතැන් වූ ඇෆ්ගන් පවුල් යළි ගෙන්වා ගැනීමට පියවර

අවතැන් වූ ඇෆ්ගන් පවුල් යළි ගෙන්වා ගැනීමට පියවර

ඇෆ්ගනිස්තාන රජය බිඳ වැටුණු පසුගිය අගෝස්තු මාසයේ එරට පැවැති ගැටුම් අතරතුර කාබුල් නුවරින් පලා ගිය පවුල් සිය ගණනාවකට යළි සිය නිවාස වෙත පැමිණෙන මෙන් තලේබාන් රජය නියෝග කර ඇතැයි වාර්තා වේ.

තලේබාන් නව රජයේ සරණාගතයන් යළි ගෙන්වා ගැනීමේ කටයුතු භාර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බවය. කාබුල් නුවරින් පැන ගිය පවුල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් අවතැන් වී සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

අවතැන් වූ පවුල් යළි ගෙන්වා ගැනීම සඳහා විවිධ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද තලේබාන් රජය තීරණය කර ඇත. කාබුල් නුවරින් පැන ගිය බොහෝ පවුල් දේශ සීමා අසල එළිමහනේ කූඩාරම් ගසා ගෙන දුෂ්කර ජීවිතයක් ගත කරන අතර, එම පිරිස අතර දරුවන් විශාල ප්‍රමාණයක් සිටින බව ද වාර්තා වේ. ශීත සෘතුවේ ආරම්භයත් සමඟ ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ඇද වැටෙනු ඇතැයි ද වාර්තා වේ.