25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු 60ට වැඩි අයට තෙවැනි මාත්‍රාවක් දෙන්න - WHO නිර්දේශ කරයි

අවුරුදු 60ට වැඩි අයට තෙවැනි මාත්‍රාවක් දෙන්න – WHO නිර්දේශ කරයි

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

සයිනොෆාම් – සිනොවැක් ගත් අයට ෆයිසර් හෝ මොඩර්නා

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්මවූවන්ට තුන්වැනි වර්ධක මාත්‍රාවක් දීමට ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ කර තිබේ.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන් වැනි මාත්‍රාව ලෙස දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශක කමිටුව නිර්දේශ කර ඇත.

සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වයිරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වයිරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමිනි.

එලෙස වයිරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් දීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එන්නත්කරණය ලැබූවද ඩෙල්ටා වැනි ප්‍රභේද අසාදනය වීමේ අවස්ථාව පවතින බැවින් ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන්ටද කොරෝනා එන්නත් තුන් වැනි මාත්‍රාවක් දිය යුතු බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.