― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැන්ගරුවන් 14ක් මැරූ සිඩ්නි සිසුන් අල්ලයි

කැන්ගරුවන් 14ක් මැරූ සිඩ්නි සිසුන් අල්ලයි

සිඩ්නි නුවර මුහුදුබඩ පළාතකදී කැන්ගරුවන් 14 දෙනකු මරා දැමීමේ චෝදනාවකට පාසල් සිසුන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්ගරුවන්ගේ සිරුරු හමුවීමෙන් පසු පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනයකට අනුවය.

අත්අඩංගුවට ගත් සිසුන් 17 හැවිරිදි වියෙහි පසුවන්නන් වන අතර, දෙදෙනාම සිඩ්නි නුවර පදිංචි පුද්ගලයන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිඩ්නි නුවර අයත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නීතියට අනුව සත්ත්ව හිංසනය වසර 5ක සිර දඬුවමකට සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 22,000ක දඩයකට යටත් වීමට සිදු වන බරපතළ වරදකි.